www (World Wide Web) කියන්නෙ මොකක්ද?


මෙය 1989 දී ටිම් බර්නරස් ලී (Tim Berners-Lee) විසින් ලොවට පළමුවරට හඳුන්වා දෙන ලද්දකි.



www විශ්ව විසිරි වියමන යනු

කුමන ආකාරයකට බහුමාධ්‍ය සහ අනෙකුත් තොරතුරු සංවිධානය කළ යුතුද?
සංවිධානය කරනු ලබන තොරතුරු කුමන ආකාරයට පරිගණක පද්ධතිය තුළ තැන්පත් කළ යුතුද?
එක් පරිගණක පද්ධතියක තිබෙන තොරතුරක් තවත් ස්ථානයක තිබෙන පරිගණක පද්ධතියක තොරතුරක් හා සම්බන්ධ කරන්නේ කෙසේද?
එම තොරතුරු නැවත ලබා ගන්නේ කෙසේද?
භාවිතා කළ යුත්තේ කෙසේද?
මේවා පිළිබඳව එකඟතාවයකට පත් නියමයන් පද්ධතියකින් නිමවුනකි.
       WWW Server නමින් හඳුන්වන පරිගණකයක් තුළ ඉහත ලෙස සැකසූ තොරතුරු අඩංගු වෙබ් පිටු රාශියක් තැන්පත් කර ඇති අතර එම තොරතුරු ඕනෑම අයෙකුට පහසුවෙන් ලබා ගත හැකිය.
      WWW Server තුළ වෙබ් අඩවි රැසක් පවත්වාගෙන යා හැකිය.සෑම වෙබ් අඩවියකටම ප්‍රධාන පිටුවක් (Home page) ඇති අතර අනෙක් වෙබ් පිටු Hyperlink මගින් සම්බන්ධ කොට ඇත.මෙවැනි වෙබ් පිටු Linked pages ලෙස හඳුන්වයි.
      අන්තර්ජාලය තුළ ලිපිගොනු අකුරු පමණක් භාවිතයෙන් සකස් කළ විට කිසිදු අපහස්තාවයකින් තොරව ලබා ගත හැකිවෙයි. ඒ අනුව උපදේශ කේත (tags) , ලිපිගොනු හසුරුවන ආකරය පිළබඳව කලින් සැකසූ නීති වලට යටත් කොට Hyper Text Markup Language – HTML  ඉදිරිපත් කොට ඇත. එනිසා HTML භාවිතයෙන් වෙබ් පිටු සකස් කළ හැකිවේ. අවශ්‍ය නම් ශබ්ද, රූප, වීඩියෝ පට, චලන රූප ඇතුල් කිරීමට ද අවශ්‍ය උපදේශ කේත(tags) HTML මගින් සපයා දී ඇත.
      Web browser මගින් මෙම උපදේශ කේතයන් (tags) නිසි ලෙස හසුරුවමින් පිටුවේ තොරතුරු පරිගණක තිරය මත පෙන්වයි.

මෙය පියවර 04 කින් සිදුවේ.
ලබා ගැනීමට බලා පොරොත්තු වන තොරතුරු සපයන පරිගණකයෙන් ඉල්ලීම් කරන අතර එම ඉල්ලීමට අනුව තොරතුරු ලබා ගත හැකි දැයි විමසයි.
මෙසේ සොයා බලීමෙන් අනතුරුව එම තොරතුරු ලබා ගත හැකි නම් HTML ලිපිගොනුව HTTP තාක්ෂණය හරහා බලාපොරොත්තු වන්නාගේ පරිගණකයට ලබා දේ.
Web browser මගින් HTML tags නිසි අයුරින් සකස් කර පරිගණක තිරය මත පෙන්වයි.
ඕනෑම වර්ගයක රූප බහුමාධ්‍ය මූල අවශ්‍ය විට ක්‍රියාත්මක කරයි.

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...